Surakimu Lanka 2026.03.29 1

 

 

මේ මොහොතේ ඇති ඉතා­මත් බර­ප­ත­ළම ගැට­ලුව වන්නේ බල­ශක්ති අර්බු­ද­යයි. ඉන්ධන, ගෑස්, විදු­ලිය යනාදි සම්පත් ප්‍රභව හිඟ වීම යනු ජන­තාව දැඩි පීඩා­වට පත් කරන කාර­ණ­යකි. මතුව ඇති වියළි කාල­ගු­ණික තත්ත්වය නිසා විදුලි අර්බු­ද­ය ද බර­ප­තළ සමාජ ගැට­ලු­වක් බවට පත්ව තිබේ. මේ නිසා බල­ශ­ක්තිය සුරැ­කීම ජාතික අව­ශ්‍ය­තා­වක් වන කාර­ණ­යකි.

අපි මෙම තත්ත්වය බල­ශක්ති දේශ­පා­ල­නය සහ ජාතික පැවැත්මේ අභි­යෝ­ගය ලෙස නම් කිරී­මට කැමැ­ත්තෙමු.

වර්ත­මාන ගෝලීය දේශ­පා­ලන සන්ද­ර්භය තුළ ‘බල­ශක්ති සුර­ක්ෂි­ත­තාව’ යනු හුදු තාක්ෂ­ණික කරු­ණක් නොව, රටක ස්වෛරී­භා­වය තීර­ණය කරන තීර­ණා­ත්මක සාධ­ක­යකි.

‘සුර­කිමු ලංකා’ ජාතික වැඩ­ස­ට­හන ආරම්භ වන්නේ මෙරට බල­ශක්ති ක්ෂේත්‍රය මෙන්ම ආර්ථි­කය ද දැඩි අව­දා­න­මක පව­තින මොහො­ත­කය. මෙය හුදෙක් විදු­ලිය අර­පි­රි­මැ­ස්මෙන් පාවිච්චි කිරීමේ උප­දේ­ශ­න­ය­කට එහා ගිය, ජාතික පැවැත්ම උදෙසා කෙරෙන දේශ­පා­ල­නික මැදි­හ­ත්වී­මකි.

ලෝකයේ බල­ශක්ති අර්බු­දය කළ­ම­නා­ක­ර­ණය කිරී­මට විවිධ පිය­ව­ර­යන් ගෙන තිබේ. යුරෝ­පය වැනි දියුණු කලාප පවා රුසි­යානු – යුක්රේන යුද්ධ­යත් සමඟ සිය බල­ශක්ති මූලාශ්‍ර කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නී­මට විවිධ විකල්ප ක්‍රියා­මාර්ග අනු­ග­ම­නය කළ බව සත්‍ය­යකි. විශේ­ෂ­යෙන්ම මැද­පෙ­ර­දිග පව­තින නොස­න්සු­න්කාරී වාතා­ව­ර­ණය හේතු­වෙන් ගෝලීය ඉන්ධන මිල උච්චා­ව­ච­නය වීම, ආන­ය­නික ඉන්ධන මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රට­ව­ලට එල්ල කරන්නේ මරු පහ­රකි.

ජපා­නය සහ ජර්ම­නිය වැනි රට­වල් ද මෙවැනි බල­ශක්ති අර්බුද හමුවේ ජාතික වැඩ­ස­ට­හන් ක්‍රියා­වට නැංවීය. නිද­සු­නක් ලෙස, ජපා­නයේ 2011 සුනාමි ව්‍යස­න­යෙන් පසු ඔවුන් ක්‍රියා­ත්මක කළ ‘Setsuden’ (බල­ශක්ති ඉතිරි කිරීමේ) ව්‍යාපා­රය හරහා බල­හ­ත්කාරී කප්පා­දු­ව­කින් තොරව, ජනතා සහ­භා­ගි­ත්ව­යෙන් 15%ක විදුලි ඉල්ලුම අඩු කර ගැනී­මට සමත් විය. ‘සුර­කිමු ලංකා’ වැඩ­ස­ට­හන ද එවැ­නිම ආක­ල්ප­මය විප්ල­ව­යක් බලා­පො­රොත්තු වන්නකි.

ඇති­විය හැකි මෙම අර්බු­දයේ තීව්‍ර­තාව තේරුම් ගැනී­මට නම් ‘එල්නිනෝ’ කාල­ගු­ණික තත්ත්වය පිළි­බඳ අව­ධා­නය යොමු කළ යුතුය. අපේ විදුලි උත්පා­ද­න­යෙන් සැල­කිය යුතු පංගු­වක් ජල විදු­ලිය මත රඳා පව­තින බැවින්, පව­තින වියළි කාල­ගු­ණික අනා­වැකි හමුවේ ජලය සහ බල­ශ­ක්තිය කළ­ම­නා­ක­ර­ණය කිරීම දේශ­පා­ල­නික වශ­යෙන් අති­ශය සංවේදී තීර­ණ­යකි. එය කෘෂි කර්මා­න්ත­යට මෙන්ම දෛනික ජන ජීවි­ත­යට ද ඍජුව බල­පායි.

‘පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්’ යන දේශ­පා­ලන දැක්ම යථා­ර්ථ­යක් වීමට නම් බල­ශක්ති ස්වාධී­න­ත්වය අත්‍ය­වශ්‍ය වේ. බල­ශක්ති සුර­ක්ෂි­ත­තාව නොමැති තැන ආර්ථික ස්ථාව­ර­ත්ව­යක් පැව­තිය නොහැ­කිය. එබැ­වින් මෙම වැඩ­ස­ට­හන රජය විසින් හඳුන්වා දෙන්නේ, ඉදි­රි­යේදී ඇති­විය හැකි දරුණු මූල්‍ය සහ සමා­ජීය අර්බු­ද­ය­කින් රට මුදා­ගැ­නීමේ පූර්ව ආර­ක්ෂණ ක්‍රම­වේ­ද­යක් ලෙසිනි.

විදු­ලිය වැඩි­පු­රම භාවිත වන පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය (Peak Hours) කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නීම මෙහි ප්‍රධාන අභි­යෝ­ග­යයි. මෙම කාල­සී­මාව තුළ ඉල්ලුම ඉහළ යෑම නිසා රජ­යට අධික පිරි­වැ­යක් දරා තාප විදුලි බලා­ගාර ක්‍රියා­ත්මක කිරී­මට සිදුවේ. පාරි­භෝ­ගි­කයා ස්වේච්ඡා­වෙන් මෙම කාලය තුළ පරි­භෝ­ජ­නය සීමා කිරීම යනු රජයේ විදේශ විනි­මය ඉතිරි කර දෙන ඍජු දාය­ක­ත්ව­යකි.

රාජ්‍ය සම්පත් අති­ශය අර­පි­රි­මැ­ස්මෙන් භාවිත කිරීමේ ආද­ර්ශය රජය විසින්ම ලබා දිය යුතු බව මෙහිදී අව­ධා­ර­ණය කෙරේ. ජන­තා­ව­ගෙන් කැප­කි­රීම් බලා­පො­රොත්තු වන අත­ර­තුර, රාජ්‍ය ආය­තන සහ දේශ­පා­ලන අධි­කා­රිය විනි­වි­ද­භා­ව­ය­කින් යුතුව බල­ශ­ක්තිය පාල­නය කිරීම ජන­තා­වගේ විශ්වා­සය දිනා­ගැ­නී­මට අත්‍ය­වශ්‍ය වේ.

බල­ශක්ති අර්බු­දය හුදු තාක්ෂ­ණික ගැට­ලු­වක් ලෙස හුවා දැක්වීම වෙනු­වට එය ‘ජාතික වග­කී­මක්’ ලෙස හඳුන්වා දීම දේශ­පා­ල­නික වශ­යෙන් ඉතා උපායමාර්ගි­කය. ‘එකතු වෙමු – එළිය දෙමු’ යන තේමා­වෙන් කිය­වෙන්නේ ද රටක් ලෙස එකට නැඟී සිටීමේ අව­ශ්‍ය­තා­වයි. අතී­තයේ මුහුණ දුන් විදුලි කප්පාදු සහ පෝලිම් යුගය යළි ඇති නොවී­මට නම් පූර්ව සූදා­නම අත්‍ය­වශ්‍ය වේ. ඒ සඳහා ජන සමා­ජය අව­බෝ­ධ­යෙන් යුතුව කට­යුතු කළ යුතුය.

මෙම වැඩ­ස­ට­හන මාස පහක කාල­සී­මා­වක් පුරා ක්‍රියා­ත්මක වීමට නිය­මිත අතර, එය සමා­ජය තුළ ස්වේච්ඡා­මය වින­යක් ඇති කිරී­මට දරන උත්සා­හ­යකි. තහංචි පැන­වීම වෙනු­වට ජන­තා­වගේ ආක­ල්ප­මය වෙන­සක් අපේක්ෂා කිරීම ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ප්‍රවේ­ශ­යකි. එහිදී පාසල් දරු­වන්ගේ සිට විශාල කර්මා­න්ත­ශාලා හිමි­ක­රු­වන් දක්වා වූ සියලු දෙනා මේ දේශ­පා­ල­නික වග­කීමේ කොට­ස්ක­රු­වන් වේ.

ඉදිරි මාස කිහි­පය තුළ ලෝක තෙල් මිල ඉහළ ගිය­හොත් හෝ ජල විදුලි නිෂ්පා­ද­නය බිඳ­වැ­ටු­ණ­හොත්, අප මුහුණ දෙන මූල්‍ය අර්බු­දය තවත් උග්‍ර වනු ඇත. ‘සුර­කිමු ලංකා’ වැඩ­ස­ට­හන හරහා පරි­භෝ­ජ­නය 10% කින් හෝ අඩු කර­ගත හැකි වුව­හොත්, එම­ඟින් ඉතිරි වන බිලි­යන ගණ­නක මුදල අනෙ­කුත් අත්‍ය­වශ්‍ය සේවා සඳහා යෙද­වී­මට රජ­යට අව­කාශ ලැබෙනු ඇත.

මෙය පක්ෂ දේශ­පා­ල­න­යෙන් ඔබ්බට ගිය ජාතික පැවැත්ම පිළි­බඳ කතා­වකි. බල­ශ­ක්තිය යනු නූතන ලෝකයේ ‘මුදල්’ හා සමාන බල­යක් ඇති මෙව­ල­මකි. එම මෙව­ලම අප නිසි ලෙස හසු­රු­වන්නේ නැත්නම්, අපට සිදු වන්නේ විදේ­ශීය බල­වේ­ග­යන්ගේ හෝ ස්වභා­ව­ධ­ර්මයේ අභි­ම­තය පරිදි පාල­නය වීම­ටයි.

අව­සාන වශ­යෙන්, ‘සුර­කිමු ලංකා’ යනු හුදු ව්‍යාපෘ­ති­යක් නොව, අනා­ගත අර්බු­ද­ය­කට මුහුණ දීමට ශ්‍රී ලාංකික අප සතු සූදා­නම උරගා බලන කවු­ළු­වකි. එහි සාර්ථ­ක­ත්වය රඳා පව­තින්නේ රජය ලබා දෙන නාය­ක­ත්වය සහ ජන­තාව දක්වන දේශ­පා­ල­නික පරි­ණ­ත­භා­වය මතය. අද දින අර­පි­රි­මැ­ස්මෙන් භාවිත කරන සෑම විදුලි ඒක­ක­යක්ම හෙට දින රටේ ආර්ථික නිද­හස උදෙසා කෙරෙන ආයෝ­ජ­න­යකි.

News & Events

Scroll To Top